You are here Article Athletics

Athletics

යොවුන් ක්‍රිඩා දියගමදි

E-mail Print PDF

ජාතික තරුණ සේවා සභාව,යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය සහ යෞවන සමාජ සම්මේලනය එක්ව මෙහෙයවන 23 වන යොවුන් ක්‍රීඩා උළෙල අග්‍රාමාත්‍ය දිමු ජයරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් 27 ද  හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික එළමහන් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතය.යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අධයාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද මෙම සමාරම්භයට එක්වීමට නියමිත අතර මෙවර ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් පහක දැල්වීමේ වගකිම පැවරී ඇත්තේ ඉකුත් වසරේ අවුරුදු 20 න් පහළ සහ 20 න් ඉහළ වයස් ඛාණ්ඩ වල දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.

මෙම සමාරම්භක උළෙල විචිත්‍රවත් කිරීම සදහා තරුණ තරුණියන් 1900 ක් පමණ සහභාගි වන සරඹ සංදර්ශනයක් ඇතුළත් කර ඇත. ප්‍රදේශයේ පාසල් පහක සහ ශ්‍රී ලංකා පොලීසිය සහ යුධ හමුදාව නියෝජනය කරන තූර්ය වාදන කණ්ඩායම් ද මෙම උළෙලේ සමාරම්භය හැඩ කිරීමට එක්වෙති.ජාතික වාර්තාවකට මෝටර් රථයක් පිරිනමන බව ප්‍රකාශ වී ඇතත් ජාතික ක්‍රීඩා උළෙලේ ඉසව්වක් ජය ගත් අයෙකුට මෙම ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වට ඉදිරිපත් වීමට නොදෙන තත්ත්වයක් තුළ එම මෝටර් රථය දිනා ගැනීමට කිසිවෙකුට හෝ හැකි වෙනු ඇතැයි සිතීම අපහසු ය.නමුත් පළමු ස්ථානය නොලැබුවේ වුව ද දැනට ඉදිරියෙන් සිටින සහ මෙම උළෙලේ දී තම උපරිමය දැක්විය හැකි ඉසව්වක් අහිමිව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් ඉසව්වක් තුළ දී පිළිගත් ප්‍රමාණයක් ඇතුළත් කරන්නේ නම් (ජාතික මට්ටමේ දත්ත සළකා) එය මෝටර් රථය පිරිනැමීමට සිමා නොවුණු උළෙලේ තත්ත්වය ඉහළ දැමිය හැකි හේතුවක් වනු ඇත.


ජීවිතාරක්ෂකයෝ නම්බුව රැකගනි

E-mail Print PDF

පලමු වරට පැවත්වෙන දකුණු ආසියානු වෙරළ ක්‍රිඩා තරගාවලියේ පදක්කම් සටහනේ දෙවනි ස්ථානයේ රැදිසිටිමට සත්කාරක ශ්‍රි ලංකාවට මේ වනවිට හැකිවි තිබේ. ජිවිතාරක්ෂකයෝ මේ වනවිට ඉන්දියාව රන් පදක්කම් 9ක් ලබා පළමු ස්ථානයේ ද ශ්‍රි ලංකාව රන් පදක්කම් 6ක් ලබා දෙවනි තැනද රන් පදක්කම් 4 දිනා පාකිස්ථානය 3 තැනද මේ වනවිට හිමිකරගෙන තිබේ. ජිවිතාරක්ෂකයෝ මෙම රන් පදක්කම් සියල්ලම දිනා දිමට සමත්වු අතර බිච් වොලිබෝල් පිරිමි සහ කාන්තා ඉසව් 2හිම රන් පදක්කම දිනා ගැනිමට අවස්ථාව තිබෙන අතරම  බිච් නෙට්බෝල් ඉසව්වහිද පදක්කම දිනා ගැනිමට හැකිවනු ඇතයි විශාල විස්වාසයක් තිබේ.


දකුණු ආසියානු වෙරල බඩ ක්‍රිඩා පලමු පදක්කම ඉන්දියාවට

E-mail Print PDF

හම්බන්තොට දි ආරම්භවු දකුණු ආසියානු වෙරල බඩ ක්‍රිඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනිමට ඉන්දියානුවකු සමත්වින. අසුන් හැසිරවිම සදහා මෙම රන්පදක්කම දිනා ගැනිමට ඉන්දියාව සමත්වු අතර මෙය දකුණු ආසියානු වෙරළ බඩ ක්‍රිඩා තරගාවලියක දි දිනා ගත් පළමු රන්පදක්කම ලෙස ඉතිහාසයට එක්වින. එම තරගයේ රිදි පදක්කමත් ඉන්දියාවට හිමිවෙද්දි ලෝකඩ පදක්කම නේපාලයට හිමිවින.



චන්ද්‍රිකාට අමතකවු නිස්මං

E-mail Print PDF

මෙරට මළල ක්‍රිඩක ක්‍රිඩිකාවන් අතර ප්‍රකට ක්‍රිඩා මාධ්‍ය සගයකු වන නිස්මං රනසිංහ විසින් රචිත රන් කදුලු කෘතිය දොරට වැඩිම පසුගියදා පුස්ථකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදි පැවත්වින, එහිදි සදහන්ව තිබු ලෙස සිය දේශනය ඉදිරිපත් කිරිමට චන්ද්‍රිකා සුභාෂිණි ක්‍රිඩිකාව නොපැමිනීම පිලිබදව කාගේත් කතා බහට ලක්වින මක්නිසාද යත් නිස්මංගේ නිවසේ රැදී සිටිමින් ඔහුගෙන් මූලික අඩිතාලම් ලැබු මෙම ක්‍රිඩිකාව මෙලෙසින සිය අතීතය අමතක කරමින් ක්‍රියා කරනු ලැබීම ඇදහිය නොහැකි  කරුනක් බවට පත්ව තිබින.


උසේන් බෝල්ට් අවසානයේදි තරගයෙන් ඉවතට

E-mail Print PDF

ලෝක ශුර උසේන් බෝල්ට් මේ දිනවල කොරියාවේ ඩේගු නුවර පැවත්වෙන ලෝක මළල ක්‍රිඩා ශූරතා තරගාවලියේ අවසන් වටයේ තරගයදි වැරදි ආරම්භයක් ලබා ගැනිම නිසා තරගයෙන් ඉවත්වීමට සිදු වින. කෙසේ නමුත් ඔහුට මී200 සහ 100#4 තරගයනට සහභාගිවිමට අවස්ථාව තිබේ. මිටර් 100 තරගයේදි ජැමෙයිකාවේ බ්ලේක් රන් පදක්කම දිනා ගනු ලබූයේ තප්පර9.92 කින් තරගය නිමා කරමින්ය.


Page 1 of 9

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  Next 
  •  End 
  • »