You are here Article Basketball

Basketball

මරණය හා සටන් වදින පැසිපන්දු ශූරයා

E-mail Print PDF

ඔහු ලෝක පැසිපන්දු ක්‍රීඩාව තුල ඔහු අමරණිය ක්‍රීඩකයෙකි. මක්නිසාද යත් පැසිපන්දු කරලිය තුල ඔහු හා සමිවිය හැකි අයෙකු තනමත් බිහිවී නොමැති නිසාවෙනි. අඩි 6 අඟල් 9 උසැති මෙම ක්‍රීඩකයා 1992 ඔලිම්පික් රන් පදක්කම දිනූ ඇමරිකානු පැසිපන්දු  කණ්ඩායමේ සාමාජිකයෙකු වින. එලෙසම පිට පිටම වසර 03ක් ඇමරිකාවේ විශිෂ්ටතම පැසිපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනූ මොහු අර්වින් ජොන්සන් හෙවත් මැජික් ජොන්සන්ය. ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට ජයග්‍රහන පිට ජයග්‍රහන ලබා දීමට දායකත්ව‍ය ලබා දුන් ‍ ජොන්සන් 1992 වසරේදී මයිකල් ජැක්සන්ගේ “ Remember the Time” මියුසික් වීඩියෝවෙහි රංගනයටද ආරාධනා ලැබීය. ඒ කෙසේ වුවත් අවසානයේදී “ ඒඩ්ස්” රෝගයට ගොදුරැ වූ මේ ක්‍රීඩකයා වර්ථමානයේ තම ජීවිතය හා මරණය අතර සටනක නිරතව සිටී. සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යන අතර තුරම විවිධ සමාජ සේවා කටයුතු වල නිරතවෙමින්ද ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයන් සඳහා දායකත්වය ලබාදෙමින් මොහු බලා සි‍ටිනුයේ ඒ‍ඩ්ස් ‍රෝගයට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ඖෂධයක් නිපදවන තෙක්ය. පසුගියදා ඔහු විසින් සිය ජීවන තොරතුරැ අලලා “When the Game was over” නමින් කෘතියක්ද එලි දක්වනු ලැබීය.

Last Updated on Thursday, 11 November 2010 11:07