රන්දිව් අප ඔබ සමගයි!
රන්දිව් ගේ නිපන්දුව සමගින් අපේ ක්‍රිකට් ඉන්දියානුකරණය වීම පිලිබඳව විශාල ලෙස කතාබහට ලක්වින. මක් නිසාද යත් ඉන්දීය ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ මාලාවේ අවසන් ටෙස්ට් තරඟය ජය ගැනීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට කොතෙක් අවස්ථාව තිබුනද අවසන අපට හැඟි යනුයේ තරඟය හා රට පාවාදීමක් සිදු කලා වැන්නකි. මෙය වඩාත් තහවුරැ වීම සිදුවන්නේ මයික්රොමැක්ස් කුසලාන එක්දින තරඟාවලියේදී සුරාජ් රන්දිව්ගේ නිපන්දු යැවීමේ සිදුවීමයි. මෙය සිතා මතා සිදු කල සිදුවීමක් යැයි අනුමාන කරමින් රන්දිව්ට එරෙහිව කටයුතු කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කලා මිස ඔහු වෙනුවෙන් කතා කිරීමට, ඔහුව නිවැරදි කරැවකි කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම කනගාටුවට කරැණකි. මෙයින් අදහස් කරනුයේ රන්දිව්ට හුණු ගෑමක් නොව, එවැනි සිදුවීමක් හරහා වටිනා තරැණ ක්‍රිඩකයකුගේ අනාගතය විනාශ මුඛයට ඇද දැමීම පමණකි. එය මෙරටෙහි ක්‍රිකට් අනාගතයට එල්ල කරන බලවත් අතුල් පහරකි. එදා මුරලි වෙනුවෙන් පෙනී සිටීමට අර්ජුන කටයුතු කලා මෙන් රන්දිව් වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙකු සිටියේ නැත. සුරාජ් රන්දිව්ගේ මානසික මට්ටම පහත් මට්ටමකට ලක්කර ජාත්යන්තරය තුල ඔහුව හෑල්ලුවට ලක් කිරීමට අප රටේ ක්‍රිකට් බලධරයින් මෙන්ම යම් යම් මාධයන්ද මේ වන විට කටයුතු කර හමාරය. කෙසේ වුවද සුරාජ් ඔබ අපට සම්පතකි. ඔබ වෙනුවෙන් හඩ නැගීමට මෙරටෙහි ක්‍රිකට් ලෝලීන් දහස් ගණනින් පෙල ගැසී සිටී. ඔබට සිදු කල යුතුව තිබෙනුයේ ඔවුන් වෙනුවෙන් ඔබේ දස්කම් රට උදෙසා ඉදිරිපත් කිරීම පමණි.



Comments
--
http://www.islandcricket.lk/
---
Sri Lanka Cricket
RSS feed for comments to this post