You are here Article Cricket සුභ අසුභ

සුභ අසුභ

E-mail Print PDF

මෙම සතිය ආරම්භවුයේ යම යම් සුභ හා අසුභ කාරණා රැසක් ද සමගිනි එනම සතිය  ආරම්භයේම කණ් වැකුනේ මොබිටෙල් ක්‍රිකට් ගීතයට රටේ ප්‍රධානීයගෙන් පවා චෝදනා එල්ලව එය තහනම් කරණු ලැබීය එම ගීතය එලි දැක්වීමේදීම අප එයට එරහිව නැගී සිටියේ එනිසාය අවසන එම වෑයම සාර්ථක විය අසුභ කාරණානම් පළමූ වැන්න අප පාකිස්ථානය හමුවේ පරාජයට පත්වීම‍ය අනෙක නම් එම තරගය නැර්ඹීමට පැමිනි අප ප්‍රේක්ෂකයන් ගේ නොමනා හැසිරීමයි තරගයක ජය පරාජය සැමට උරුම දෙයකි එසේ වුවද පරදින විට ප්‍රතිවාදින්ට ප්‍රහාර එල්ල කිරීම අදීන ක්‍රියවකි ශ්‍රී ලාංකිකයන් යනු සමවිටමඅනෙක් අය හා සුහදව කටයුතු කරණ ශිෂ්ඨ සම්පන්න පිරිසක් ලෙස ප්‍රකට ව සිටි නමුත් මෙම තරගයේ යම් යම් දෙනා නොමනා ලෙස හැසිරෙනු දක්කට ලැබීම ඉතා අශීලාචාර වින විශේෂයෙන්ම නිරූපිකාවන් ලෙස යම යම් අවථාවලට සහභාගිවන ලාංකීය තරැණියන් විසින් ද පාකිස්ථාන ආධාරකරුවන් සිටි දෙසට බෝතල් විසි කරණු දක්නට ලැබින මෙවනි අවස්ථාවලදී හෝ රටේ නම්බුව රැකෙන ලෙස කටයුතු කිරීමට සැමදෙනාම බැදී සිටිය යුතුය යන්න අප විස්වාසයයි. බංකලොත් හරසුන ගීතනිර්මාන බිහිවන රටක මෙවැනි ග්‍රොත්‍රවාදී සිදුවීම් සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වනු නියතය දැන් හෝ සබුද්ධිකව සිතා බලා කටයුතු කිරීමෙන් ඉදිරියේ හෝ මෙවැනි සිදුවීම අවම කරගත හැකිවනු ඇත.රටෙහි සබුද්ධික ජනතාව යම් ප්‍රමානයක් මේවට එරහිව නැගි සිටිනු දක්නට ලැබින එයද පැසසිය යුතු කාරනාවකි  එහි එක් පැතිකඩක් ලෙස

ලෝක කුසලාන සමාරම්භක උලෙලේ සිදුවිම අලලා ඉරිදා ලක්බිම පුවත් පතට බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් අගනා ලිපියක් ඉදිරිපත් කර තිබුනි මීට පෙර එනම පසුගියදා තහනමට ලක්කරණු ලැබු මොබිටෙල් ආයතනය ඉදිරිපත්කල ගීතය ට එරහිව පලමු වෙඩි මුරය තැබීමටද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරණ ලදි ,මෙවැනි සිදුවි අයුරින් මෙරටහි යම් යම් සිදුවීම වලට ලබා දෙන දායකත්වය පිලිබදව අප ඔහුට කෘතගුණ පල කරමු මක් නිසාද යත් ඔහුගේ පෑන අසිපතකට වඩා බලවත් හෙයිනි.ඔහු විසින් සිදුකල එම කර්ත්ව්‍ය පිලිබදව ක්‍රීඩා මාධ්‍ය ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාද ස්තුතිය ඔහු වෙත පුදකර තිබින.

ශ්‍රි ලංකා ක්‍රිකට වෙනුවෙන් ගීත නිර්මාන සිදුකරමින් පලමු අනාගැනීම සිදුකල මොබිටෙල් ආයතනය එම ගීතය වෙනුවට නව නිර්මානයක් එලි දක්වමින් සිදුකර තිබෙනුයේ "කැහි ගෑනි වෙනුවට හොටු ගෑනි ගත්තා වගේ" දෙයකි මක්නිසාද යත් එන්න දිනවන්න ගීතය ඉවත්කරමින් ඒ වෙනුවට ඉදිරිපත් කල නව නිර්මානය ද නිකම්ම පද වැලක් පමනක් වීමය ආප්ප දමනවා සේ නිර්මාන බිහිකල හැකිද යන්න මෙහිදී නැගෙන ගැටළුවයි භාෂා ත්‍රිත්වයක භාවිතා කරමින් රටේ යම් යම් දේවල් පිලිබදව සදහන් වන පදවැලක් ගීතයක් වන්නේ කෙලෙසද මේ වනවිට ලෝක කුසලානය වෙනුවෙන් අපේ යයි කිව හැකි අපූරු ගීතයක් නිර්මානය කර තිබෙනුයේ තිනෙත් ආයතනයෙනි බන්දුල නානායක්කරවසම් ගේ පද වැලකට රංග දසනායක සංගීතය මුසුකල නිමන්ත හෙෂාන් ගායන කරණ නිල් දිය දහරින් ගීතය යි මෙවර නිර්මානය වූ ගීතයන් අතරින් ඉදිරියෙන්ම සිටිනුයේ එම ගීතය බැව් නොපැකිලිව පැවසිය හැකිය එලෙසින්ම ඒ සදහා ඉදිරිපත්කර තිබු රෑප රචනය ද අතිශයින්ම ඉහල මට්ටමක පැවතින රවිදු හංවැල්ලගේ අධ්‍යක්ෂණයෙන් හා සංස්කරණයෙන් ඔපවත්වු ගීතයට කැමරා කරණයෙන් හා ආලෝක කරණයෙන් උපරිම සාධාරණය ඉටුකිරීමට ධම්මික රත්නායකයන් කටයුතු කර තිබින මෙලෙස ඔවුන් මෙරට තුල පිරිපුන් නිර්මාණශීලී තාරෑණ්‍යක් සිටින බැව මනාව පසක් කර දී තිබින මෙතෙක් ක්‍රිකට් ඉතිහාසය තුල ගීත සාහිත්‍ය කලාවක් ද පැවති බැව පසක් වනුයේ සමන් ද සිල්වා විසින් ඉදිරිපත් කල තණ නිල්ල දිගේ ඇදිලා යනව සිත මා පිරිලා ගීතයෙන් ඇරඹි අනතුරුව පුන් සද පායා මගෙ රට , පසුව ශ්‍රී ලංකා කොල්ලෝ වසයි ආදී ලෙස   ගීත රැසක් බිහිවු අතර මෙවර ලෝක කුසලානය පාදක කරගෙන ගීත සියයකට ආසන්න ප්‍රමානයක් බිහිවි තිබේ ඒ වා කොතෙක් දුරට ගුණාත්මකද යන්න ක්‍රිකට රසික ,ප්‍රේක්ෂකයනි තිරණය කරනු නිසැකය කෙසේ වුවද ලෝක කුසලාන තරගාවලිය අවසන්වත්ම මේ සියළු උන්මාදයන් නැවතී යනු ඇත එතැන් සිට යලිත් මද නිහැඩියාවක් ඇතිවනු නිසැකය අප උත්සාහය නම් කරණ දෙය පිලිබදව කරුණු විමසා බලා කටයුතු කල යුතුය යන්නයි ,බෝහෝ දෑ වල පැවත්ම පිලිබද සාදකය කණ්ඩායමේ ජයග්‍රහණය බවද සැමදෙනා මතක තබ ගතයුතු කාරණාවකි.

 

Add comment


Security code
Refresh