පසුගිය දා අවසන් වූ පාකිස්ථාන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය අනතුරුව රජය්‍යය නාලිකාවක විකාශනය වන මහින්ද අබේසුන්දර රචනා කරනු ලබන විමසුම සටහන මගින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා තරගය පවාදුන්නා වැනි හැඟීමක් ඇතිවන ලෙස එම වැඩසටහන ඉදිරිපත් කරන ලදි.
මේ වන විට වීදේශිය මාධ්‍යයන් තුලද ඒ පිළිබද කතා බහට ලක්ව තිබෙන අතර රටෙහි රාජ්‍ය මාධ්‍යයක් තුලින් ලෝක කුසලානය පැවැත්වෙන අතරතුර ක්‍රිඩකයින්ගේ ධෛර්යය හීනවන අයුරින් කටයුතු කිරීම ඉතා පහත් ක්‍රියාවක් බැව් අපගේ හැගීමයි. මහේල ජයවර්ධන යනු ලොව සිටින විශිෂ්ටතම ක්‍රීඩකයකු වන අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකුද වේ. ඔහුගේ නායකත්වය යටතේ අප 2007 ලෝක කුසළාන අනුශූරතාවයද දිනා ගැනීමට සමත්වින, එලෙසම තිලාන් සමරවීර යනු අපට සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන අතර සිංහල බෞද්ධ පදනමක් සහිත මෙම යුගලය ආනන්ද විදුහලෙන් සහ නාලන්ද විදුහලේ හිටපු ක්‍රිකට් නායකයන්ද වේ. ක්‍රීඩාව පිලිබඳව කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයන් ඉදිරිපත් කරනු ලබන මෙවැනි අපවාදයන් කෙරෙහි වගකිවයුතු පුද්ගලයින් වහාම ක්‍රියාත්මක විය යුතු බව අපගේ හැඟීමයි.මන්දයත් මෙවැනි කටයුතු නිසා ජාත්‍යන්තර වශයෙන් සිදුවන අපකීර්තිය සේම රටට විශාල කීර්තියක් ලබා දෙන මෙම ක්‍රීඩකයන්ට සිදුවන මානසික පීඩනය ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා ජිවිතයටද විශාල ලෙස බලපෑමක් වන බැවිනි.
විදෙස් වෙබ් අඩවියක සඳහන් වී තිබුනේ මහේල ජයවර්ධනයන් මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙන බවයි.

අදාළ වීඩියෝව



Comments
RSS feed for comments to this post