You are here Article Cricket සිලෙක්ටර්ලා නොදකින කපු ගෙදර

සිලෙක්ටර්ලා නොදකින කපු ගෙදර

E-mail Print PDF

එළෙබෙන ඔස්ට්‍රේලියා සංචාරය සදහා16 දෙනකුගෙන් යුතු ශ්‍රි ලංකා කණ්ඩායම නම්කල ද එම සංචිතයතුල චාමර කපුගෙදර නම් ක්‍රිඩකයාට අවස්ථාවක් ලබා දී නොමැත. 20 දෙනාගේ සංචිතයතුල ඔහු රැදි සිටියද අවසන් 16 දෙනා නම් කිරීමේදි කපුගෙදරගේ නම එයට ඇතුලත්ව නොතිබින. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කිසිදු පදනමක් රහිතව කපුගෙදර කණ්ඩායමෙන් ඉවත්කල ද, දේශිය තරගවලදි දක්ෂතා දක්වමින් ඔහු තමන් කණ්ඩායමේ සිටියයුතු ක්‍රිඩකයෙකු බව පෙන්වා දෙන ලදි.

අත්දැකිම් සහිත තරුණ ක්‍රිඩකයකු ලෙස චාමර කපුගෙදර අනගතයක් සහිත ක්‍රිඩකයකු බව පැහැදිලිය තවමත් 24 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රිඩකයා ජාතික කණ්ඩායම හා එක්වනුයේ ඔහුට යානතම් වයස 18 සපිරිමේදිය මේ වනවිට අඛණ්ඩව වසර 6ක් ජාතික සංචිතයේ සිටින අතරම ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට අනාගතය සදහා හොද ආයෝජනයකි. විවිධ නායකයන් යටතේ ඔහු ලබා ඇති අත්දැකිම් සම්භාරය ඉමහත්ය, මේ වනවිට එක්දින තරග 87ක් සදහා සිය දායකත්වය ලබාදි තිබෙන කපු ඔස්ට්‍රේලියාවට එරහිව සිය මංගල එක්දින තරගයට සහභාගිවු අතර වරක් ආසියානු කුසලාන තරගාවලියේදි අර්ධ ශතක 3ක් ලබා ගනිමින් ඉහල දක්ෂතා දැක්විමට සමත්වින.

කෙසේ වුවද ඔහුට මෑත කාලීනව ජාත්‍යන්තර තරගවලදි නිසි දක්ෂතා දැක්විමට අවස්ථාව නොලැබුනේ ඔහුට නිසි ස්ථානයේ පිතිකරණ අවස්ථව නොලබීම නිසා වන්ට පිලිවන, ඉදිරිපෙල ක්‍රිඩකයකු වන ඔහුට පසුගිය අවස්ථා කිහිපයහිම ක්‍රිඩා කිරිමට සිදුවූයේ අංක 6/7 ස්ථානවල ය. මොහු වැනි ක්‍රිඩකයකු සදහා ක්‍රිඩා කිරිමට සුදුසුම ස්ථානය පිලිබදව ශ්‍රි ලංකාවට ලෝක කුසලානය දිනා දුන් හිටපු නායක අර්ජුන රණතුංග මහතා රොයිටර් පුවත් සේවයට ඉදිරිපත්කල අදහසක් 2011-02-04 දින ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය වාර්ථාකර තිබූ යේ අර්ජුන ගේ අදහස නම් කපුගෙදර අංක 4 ස්ථානයේ ක්‍රිඩා කලයුතුය යන්නයි ඔහු සදහන් කර තිබුනේ මැද පෙල ශක්තිමත් කිරීමට ජයවර්ධන වැන්නකු මැද පෙලට පැමින ඉහල ප්‍රහාරාත්මක වේගයක් තිබෙන කපුගෙදර වැනි අයකු ඉදිරියට පැමිණිය යුතු බවයිමෙවැනිම අදහසක් පසුගිය ඉරිදා ලංකාදිප පුවත්පතේ ප්‍රවින ක්‍රිඩා මාධ්‍යවේදි කාංචන දසනායක මහතාද ඉදිරිපත්කර තිබින ඔහු සදහන් කර තිබුනේ මැදපෙල සවිමත් කිරිම සදහා චාමර කපුගෙදර අංක 4 ස්ථානයේ ක්‍රිඩා කලයුතු බවයි. සැමගේ බලාපොරොත්තු සුන් කරමින් තේරිම කමිටුව කපුගෙදර අවසන් 16 දෙනාගෙන් ඉවත්කර තිබින.

තේරිම කමිටුව එකිනෙකාගේ පුද්ගලික අභිලාශයන් වෙනුවෙන් ක්‍රියා නොකර රට වෙනුවෙන් සිතා කටයුතු නොකිරිම මත ඉදිරියේ ලාංකීය ක්‍රිකට් ක්‍රිඩාව අගාධයටම යනු නිසැකය, ඔවුන්ගේ මෙම අදුරදර්ශි ක්‍රියා නිසා දක්ෂයන් රැසක් අපට අහිමිව යනු නිසැකය අද කපුගෙදරට සිදුවු දෙයම අනෙක් අවස්ථාවේ මෙවැනිම තවත් දක්ෂයකුට සිදුවිය හැකිය මහත්වරුන්ගේ ක්‍රිඩාවේ මහත්මා ගතිය විනාශවිමට  ඉඩනොදි පෙරට පැමිණීමට දැන් කාලය පැමින තිබේ.

 


Comments  

 
-1 #1 Dinesh 2011-08-09 21:18
Im agreed with you.. Kapu is a mandetary player in our team.. this is vry diserpoining thing actually..... Have to replace Jeewan
Quote
 

Add comment


Security code
Refresh