සචිනි දිනුෂිමා රණසිංහ, වර්ෂ 1994 ජූනි 23 වන දින අබුඩාබියේ උපත ලැබුවේ යුරාජ් රණසිංහ මහතා හා මාලා රණසිංහ යුවලගේ දියණිය ලෙසයි. සිය වැඩිමල් සොහොයුරා වූ සහන් අධීෂ රණසිංහගේ අඩිපාරේ යමින් යන්තම් වයස අවුරැදු හතර වන විට “සචිනි” චෙස් ක්‍රීඩාවේ යෙදෙන්නට පෙළඹුනාය.
කොළඹ රැසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාපොව් (Anatoly Karpove) චෙස් සංගමයේ නිර්මාතෘ සුනීතා විෙජ්සූරිය ගුරැ මහත්මිය යටතේ විධිමත් චෙස් පුහුණුවීම් මුලකුරැ කියවූ ඇය පිට පිට තෙවතාවක්ම එම සංගමය මගින් පැවැත්වූ සමස්ත ලංකා තරඟාවලියන්හිදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. තවද Anatoly Karpove chess සංගමය මගින් පැවැත්වූ සමස්ත ලංකා තරඟාවලියකදී ලෝකඩ පදක්කමක් දිනා ගන්නා විට සචිනිගේ වයස යන්තම් අවුරැදු හතරක් වූවා පමණි.
2000 වර්ෂයේදී කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත්වූ සචිනිගේ විශේෂ හැකියාවන් හඳුනාගත් මියුසියස් විද්‍යාලීය චෙස් ආචාරිනී “විනීතා විෙජ්සූරිය” මහත්මිය පළමු වසරේ සිටම ඇයව චෙස් පුහුණුවීම් වලට සම්බන්ද කර ගත්තාය.
ඊට අමතරව තිවංක තිසේරා ගුරැතුමා යටතේ ලැබූ පෞද්ගලික පුහුණුවද සචිනිගේ චෙස් හැකියාවන් තව තවත් තීර්‍වර කරන්නට මහත් රැකුලක් විය. එදා සිට අද දක්වාම මියුසියස් විද්‍යාලීය චෙස් කණ්ඩායමේ සාමාජිකත්වය දරණ සචිනි කණ්ඩායම් නායකත්වයද දරා ඇත.
චෙස් ක්‍රීඩිකාවක ලෙස අතිවිශිෂ්ඨ දක්ෂතා පෙන්වන සචිනි මියුසියස් බාලිකාවන් අතර දීප්තිමත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්වෙන් ඇය තවත් බොහෝ ක්ෂේත්‍රවල සිය හැකියාවන් විදහාපෑම නිසාවෙනි.
චිත්‍ර කර්මයෙහිද සුවිශේෂී හැකියාවන් පෙන්වන සචිනි විද්‍යාලීය ICT Society, Media Society, Drug Prevention, LMD Society (Literature, Music & Dancing Society) ආදී සංගම් වල ක්‍රියාකාරී සමාජිකාවකි.
සචිනිගේ මෙම විශේෂ කුසලතා නිසාම 2009 වර්ෂයේදී පාසැල මගින් පිරිනමන ලද (Most Outstanding Performance) රට කාසිය හිමිකර ගැනීමට ඇය සමත් වූවාය.
සහභාගී වූ සියලුම අන්තර් පාසැල් චෙස් තරඟ හා චෙස් සම්මේලනය මගින් පැවැත්වූ වයස් සීමාන්තර තරඟාවලියන් රන්, රිදී. ලෝකඩ පදක්කම් හිමිකර ගත් සචිනි, ඉන් නොනැවතී ශ්‍රී ලාංකික ක්‍රීඩාවට අභිමානයක් එක් කරමින් විදේශ තරඟාවලි විශාල සංඛ්‍යාවකට සහභාගිව ජයග්‍රහනද අත් කර ගත්තාය. 2003 වර්ෂයේදී 26 වන Asian Junior Chess Tournament (under 20) සඳහා සහභාගී වූවාය. එහිදී ලාබාලතම ක්‍රීඩිකාව වූයේ ඇයයි. වර්ෂ 2004 දී ග්‍රීසියේ පැවති World Youth Chess Championship සහභාගි වූ සචිනි එම වසරේම සිංගප්පූරැවේ පැවති Asian Youth Chess Championship වයස අවුරැදු 10න් පහල බාලකා අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කලාය.
නැවත 2005 වර්ෂයේදී සිංගප්පූරැවේදීම ඇය Asian School Chess Festival හිදී 13 න් පහළ බාලිකා අංශය නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනා ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර සලකුණක්ද තැබුවාය.
තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති Asian Youth Chess Championship හා Turkey වල World Youth Chess Championship සහභාගි වී ජාත්‍යන්තර තලයේ සිය ස්ථානය තව තවත් තහවුරැ කරන්නට සමත් වූවාය.
ඉන් නොනැවතුනු ඇය 2008 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවති Asian School Chess Festival හිදී රන් පදක්කම් 2ක් දිනා නැවතත් ඉරානයේ පැවති ආසියානු යොවුන් චෙස් තරඟාවලියට සහභාගී වූවාය. මීට අමතරව ඉන්දියාවේ ඇය Common Wealth Chess Championship හා Asian Team Chess Championship වෙනුවෙන් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය. 2008 Championship තරඟාවලිය තුලදීද සිය හැකියාවන් පෙන්වීමට සචිනි සමත් වූවාය.
ශ්‍රී ලංකාව තුළදී ද සචිනිගේ දක්ෂතාවයන් පාසැල් මට්ටටමේ ජයග්‍රහණ තුල පමණක් සීමා නොවුණි. ඉතා ලාබාල ක්‍රීඩිකාවක වශයෙන් ජාතික මට්ටමේ තරඟ රැසකට සහභාගී වූ ඇය ලැබූ ජයග්‍රහණ ප්‍රමාණය ඉතා විශාලය.
වර්ෂ 2006 දී යන්තම් වයස දොළොස්වෙනි විය සපිරෙන විට ජාතික කාන්තා චෙස් ශූරතාවලියේදී අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ සචිනි 2008 වර්ෂයේදීද සම අනුශූරතාවය හා ජාතික යොවුන් චෙස් තරඟාවලියේදී ප්‍රථම ස්ථානය දිනාගත් අතර එම වසරේදී බස්නාහිර පළාතේ නැගී එන ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවායත
ඉන් හරියටම වසරකට පසු එනම් 2009 වර්ෂයේදී “සචිනි දිනුෂිමා රණසිංහ” ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය බවට පත් වූයේ නව තරඟ වාර්තාවක් ද තබමිනි.
සිය අද්විතීය ක්‍රීඩා කුසලතාවයන් තීක්ෂණ බුද්ධියෙන් තව තවත් තීර්‍වර කර ගනිමින් සිටින “සචිනි” නුදුරේමදීම තව තවත් ජාත්‍යන්තර ජයග්‍රහනයන් ශ්‍රී ලාංකික චෙස් පුවරැව වෙත රැගෙන එන බව නොඅනුමානය.
තීක්ෂණ බුද්ධිය, මානසික ඒකාග්‍රතාවය, දුර දර්ශී භාවය හා ඉවසීම චෙස් ක්‍රීඩාවේ ජයග්‍රහන වෙත යාමට අවශ්‍ය සාධක වේ. “සචිනි දිනුෂිමා රණසිංහ” නම් වූ ඇය මේ වන විට චෙස් පුවරැව මත සිය අණසක පතුරන ලාබාල රැජිනක් වී හමාරය.


Indoor


