You are here Interviews Aquatics

Aquatics

රාජකීයෙන් බිහි වෝටර්පෝලෝ ශූරයා පූර්ණ කංකානිගේ

E-mail Print PDF

කොහොමද ඔබ ‍ වෝටර්පෝලෝ ඇරඹුවේ?

 

මම රාජකාරිය විදු‍හලේ පිහිනුම් කණ්ඩා‍යමේ සිටි අවධියේ තමයි වෝටර්පෝලෝ ක්‍රීඩාවට යොමුවුණේ. වයස 15න් පහල ඉන්න අවධියේදී රාජකීය වෝටර්පෝලෝ කණ්ඩායමේ නායකයා යහන් සමරජීව තමා මට ආරාධනා ක‍ළේ ‍ වෝටර්පෝලෝ ක්‍රීඩාවට එකතුවෙන්න කියා, ඒ අනුව තමා මම හිතුවේ වෝටර්පෝලෝ ක්‍රීඩාවට යොමුවීමට.

 

එම තීරණය ගැන මොකද හිතන්නේ?

 

මම හිතනවා ඒ මොහොතේ මම ගත්ත තීරණය නිවැරදි එකක් කියලා. එදා ඉදලා මේ වන තෙක්ම මම අඛණ්ඩව වෝටර්පෝලෝ ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒ වගේම මගේ ජීවිතයට ගොඩාක් අත්දැකීම් ලබා ගන්නත් අවස්ථාව ලැබුණා.

 

මොනවලගේ කැපවීමක්ද කළේ?

 

මම ක්‍රීඩාව වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. මොකද කැපවීමක් නැතිව කිසිදෙයක් නිවැරදිව කරන්න බැහැ. මම පිහිනුම් ක්‍රීඩාව කරන අවධියේම සිටම නිවැරදිව පුහුණුවීම් වල නිරත වූවා. එයත් මට ලොකු පිටුවහලක් වූවා වෝටර්පෝලෝ ක්‍රීඩාවේදී.

 

ඔබ තෘප්තිමත් ද ක්‍රීඩාව ගැන?

 

අනිවාර්යයෙන්ම ඔව්. ඒ නිසා තමයි මම තවමත් ක්‍රීඩාවේ නිරත වෙන්නේ. වෝටර්පෝලෝ ක්‍රීඩාව අනෙක් ක්‍රීඩා වගේ නෙවෙයි. එයට මනා පුහුණුවක් වගේම හොද ධරා ගැනීමේ හැකියාවකුත් අවශ්‍යයි. කණ්ඩායමේ සාමාජිකයන් 13ක් සිටිනවා. නමුත් තරඟ බිමට පිවිසෙන්නේ 7 දෙනෙක් පමණයි. මිනිත්තු 8 කොටස් 4 ලෙසත් තරඟය පවත්වනවා. එම කාල සීමාව තුල උපරිම ලෙස ලකුණු ලබා ගැනීමට කටයුතු කල යුතුයි.

 

ලංකාවේ වෝටර්පෝලෝ ක්‍රීඩාවට විශාල පිළිගැනීමක් නෑ. තවමත් ඒ වගේම තමයි. ජාත්‍යන්තර ලෙසත් අප කිසිම ජයග්‍රහණයක් ලබා නැති නිසා රට තුල ක්‍රීඩාවේ තරගකාරීත්වට වැඩි කළොත් මෙම ක්‍රීඩාවේ තවත් දක්ෂයන් රැසක් බිහි වනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා.

 

මෙතෙක් ඔබ ලැබූ දක්ෂතා

 

මම 2006 වසරේ ඉදලා රාජකීය විදුහල් වෝටර්පෝලෝ කණ්ඩායම නියෝජනය කරනවා. මේ වන තෙක් අඛණ්‍ඩව අන්තර් පාසල් වෝටර්පෝලෝ ශූරයන් බවට පත්වුණා. 2008 ව‍ර්ෂයේ සිට ජාතික වෝටර්පෝලෝ සංචිතයේ ඉන්නවා.2009 රාජකීය- ශාන්ත තෝමස් තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ලැබුණා. විදෙස් තරගාවලි කිහිපයකටත් සහභාගි වෙලා තියෙනවා. වර්ථමානයේ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරනවා.

 

අවසන් ව‍ශයෙන් මොනවද කියන්න තියෙන්නේ

 

විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පුහුණුකරැ වන මහින්ද ලියනගේ ,ආලෝක ප්‍රේලිස් හා යෙනුර අබේරත්න යන මහත්වරැන්ට. ඒ වගේම මගේ යහලුවන්ටත්, මගේ ආදරණිය දෙමව්පියනවත් සිහිපත් කරන්න ඕන මේ ලබා දෙන්නා වූ සහයෝගයට.

 

 

 

Last Updated on Saturday, 13 November 2010 10:51