වර්තමාන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටින ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම මලල ක්‍රීඩකයෙකු ලෙසත් පාසල් මට්‍ටමේ වාර්තා රැසකට හිමිකම් කියන ජවසම්පන්න තරැණයෙකි. මේ sport.lk ඔහු සමග සිදු කළ සංවාදයක සටහනයි.
ඔබ කොහොමද ක්‍රීඩාවට යොමු වුණේ ?
කුඩා කාලයේ ඉදලම මම ගොඩක් කැමතියි ක්‍රීඩා කරන්න. ඒ වගේම තමයි මගේ දෙමව්පියනුත් මගේ පසුපසින් හිටියා හැම විටකම. ඒ අනුව තමයි මම ක්‍රීඩාවට කුඩා අවධියේම යොමු වුෙණ්.
ඔබ මලල ක්‍රීඩාවල වගේම ක්‍රිකට් ක්‍රීඩාවේත් නියැලෙනවා. මේ සියල්ල සමබරව කරන්න පුළුවන්ද?
දැනට නම් කරගෙන යනවා. හොදින් කාලය කළමනාකරණය කරලා, නිවැරදිව පුහුණුවීම්වල නිරත වෙනවා නම් එය එතරම් අපහසු වන්නේ නැහැ.
මලල ක්‍රීඩාවෙදි මොන වගේ දක්ෂතාද දක්වා තියෙන්නේ?
මම වයස 13න් පහළ, 15 න් පහළ යන අංශ වලදී ජොන්ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශූරතා හිමි කරගෙන තියෙනවා. ඒ වගේම තව අන්තර් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදීත් දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙලා තියෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාෙව්දී ඔබ දැක්වූ දක්ෂතා මොනවාද?
ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් තරග වලදී මගේ දක්ෂතා රැසක් වාර්තා පොත් වලට එකතු වෙලා තියෙනවා. පිතිකරැවකු ලෙස තමයි මම ගොඩක් දක්ෂතා තියෙන්නේ.
එක් වරක් පන්දුවාර 30 තරගයකදී මම ආරම්භක පිතිකරැවා ලෙස පැමිණ, තරගය ඉවර වෙනකම් ක්‍රීඩා කරලා ලකුණු 192ක් වාර්තා කළා. ඒක තවමත් වාර්තාවක් ලෙස පවතිනවා.
ඔබ හිතන්නේ ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවද මලල ක්‍රීඩාවද යන්න තෝරාගන්න සිදු වුව හොත් මොකද කරන්නේ?
මගේ අදහස නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉදිරියට යන්න.ඒ වගේම තමයි මලල ක්‍රීඩාවත් හැකි තාක් දුරට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේ පාසල පිළිබදව සදහන් කළොත්?
මම දැනට ඉගෙනුම ලබන්නේ රෝයල් ඉන්ස්ටිට්‍යුට් ජාත්‍යන්තර පාසලේ. පාසලෙන් මගේ ක්‍රීඩාවට විශාල සහායක් ලැබෙනවා. විදුහල්පතිතුමා වගේම පුහුණුකරැවනුත්, ගුරැවරැනුත් මට සහාය ලබා දෙනවා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු වලට ඔවුන් මට ශිෂ්‍යත්වයකුත් ලබාදීලා තියෙනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තුව?
මගේ බලාපොරොත්තුව නම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වන එක. ඒ සදහා තමා මම විශාල උනන්දුවක් දක්වන්නේ. අධ්‍යාපන කටයුතු කරන අතරම මලල ක්‍රීඩාවෙනුත් රටට කීර්තියක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.




