ස්කොෂ් ක්‍රීඩාව ලංකාවට ආගන්තුක ක්රීිඩාවක් වුවද ගෝලීය වශයෙන් ගත් කළ සුවිශේෂී ඉතිහාසයකට උරැමකම් කියන ක්රීකඩාවකි. තම පාසල් අවදිය තුලම දක්ෂතා දක්වමින් ලාංකික ජාතික ස්කොෂ් ශූරිය බවට පත් වීමට සමත් වූ සිරිමාවෝ බාලිකා විදුහලේ රන්දිමා රත්නවීර සමග sport.lk කළ පිළිසඳරක සටහනකි.
ඔබ කොහොමද ස්කොෂ් ක්‍රීඩාවට යොමු වුණේ?
එතකොට මට වයස 12ක් විතර ඇති. මම රාජකීය විදුහල් ක්රී ඩාගාරයේ බැඩ්මින්ටන් පුහුණුවීම් වල නිරතව ඉන්න අවස්ථාවේදී තමයි ස්කොෂ් ක්රී ඩාවට යොමු වුෙණ්. පස්සේ බැඩ්මින්ටන් ක්රීතඩාව අතහැරලා ස්කොෂ් වලට යොමු වුණා.
ඔබ තනිවමද ක්‍රීඩා කළේ?
මගේ පාසලෙන් තමයි මට සහය දුන්නේ. ජනක සුවාරිස් මහතා තමයි පළමු පුහුණුකරැ ලෙස කටයුතු කළේ.
ඉන් අනතුරැය කොහොමද ක්රීේඩාව කරගෙන ගියේ?
ඉන් අනතුරැව මම දිගටම පුහුණුවීම්වල නිරත වූවා. පාසලෙන් වගේම පෞද්ගලිකවත් පුහුණුකරැවන්ගෙන් සහය ලබාගෙන මගේ දක්ෂතාවන් වර්ධනය කරගන්න ක්රි යා කළා. ඒ අනුව තමයි මට 2008 වර්ෂයේ ශ්රේාණිගත කිරීම් අනුව පළමු තැන හිමිවෙලා ජාතික ශූරිය බවට පත් වෙන්නේ.
ලංකාවේ ශ්රේමණිගත කිරීම් පටිපාටියක් තියෙනවද?
එහෙම පටිපාටියක් කියලා ඇත්තෙම නැහැ. නමුත් ගොඩක් තරඟ ශ්රේ්ණිගත කිරීම් වලට අදාළ ලෙස තමයි පවත්වන්නේ. මගේ දැනීමේ හැටියට නම්, අමායා හිල්ස් තරඟාවලිය පමණයි ශ්රේ.ණිගත කිරීම් සඳහා අදාළ කර නොගන්නේ.
ඔබ ජාතික ශූරිය වන්නේ ජාතික ශූරතාවකදී නෙමෙයි නේද?
මම ඒ වසරේ මගේ උසස් පෙළ විභාගය නිසා ජ්යෙ ෂ්ඨ තරඟවලට සහභාගි වුෙණ් නැහැ. නමුත් මම ගුවන් හමුදා විවෘත තරඟාවලිය ජයග්රාහණය කර තිබූ නිසා ශ්රේෙණිගත කිරීම්වල පළමු තැන හිමි වී තිබුණා.
ලංකාවේ ස්කොෂ් ව්යාහප්තිය ගැන මොකද හිතන්නේ?
ලංකාවේ ස්කොෂ් ව්යාහප්තිය ගැන නම් සතුටු වෙන්න බෑ. මොකද, සුළු ප්රාදේශයකට තමයි මේ ක්රීගඩාව ව්යානප්ත වෙලා තියෙන්නේ. ක්‍රීඩාවට යොමු වන පිරිසත් අඩුයි. සංගමය මැදිහත් වෙලා තියෙන්නේ. ක්රීිඩාවට යොමු වන පිරිසත් අඩුයි. සංගමය මැදිහත් වෙලා ක්රීෙඩාව ව්යාිප්ත කළොත් ක්රීරඩාවේ තරඟකාරීත්වය වැඩිවෙලා දක්ෂතාවලින් ඉහළ පිරිසක් බිහි වෙයි කියලා හිතෙනවා.
ක්රීවඩාවේ ව්යාළප්තිය අඩු වෙලා තියෙන්නේ වියදම නිසාද?
සමහර විට එයත් බලපානවා ඇති. මොකද, ක්රීලඩාගාර ඉදිවෙලා තියෙනවත් අඩුයි. රැකට් වලට, සපත්තු වලට තමා මුදල් වියදම් වෙන්නේ. පෞද්ගලිකව පුහුණු වීම් කරන විට පුහුණුකරැ ගාස්තු /ක්රීුඩාගාර ගාස්තු වගේ දේවල් වලට මුදල් වැය වෙනවා. ඒ හේතුවෙන් යම් තරමක් දුරට බලපානවා ඇති කියලා හිතෙනවා.
ඔබ ජාත්ය.න්තර තරඟවලට සහභාගි වෙලා තියෙනවාද?
ඔව්. මම ජාත්ය්න්තර තරඟ රැසකට සහභාගි වෙලා තියෙනවා. ඉන්දියාව, මැලේසියාව, කොරියාව, හොංකොං, සිංගප්පූරැව වැනි රටවල් වල පැවති කනිෂ්ඨ වගේම ජ්යෙ ෂ්ඨ තරඟාවලි සඳහාත් මම සහභාගි වෙලා තියෙනවා.
විදෙස් තරඟාවලි වලදී සුවිශේෂ දක්ෂතා දක්වන්න අවස්ථාව ලැබුණාද?
මැලේසියාවේ පැවති “මයිලෝ” ශූරතා තරඟාවලියේදී පලිය අංශයේ ශූරිය බවට පත්වන්නට හැකියාව ලැබුණා. තවත් වරක ආසියානු කනිෂ්ඨ ශ්රේවණිගත කිරීම් වලදී 10 වැනි ස්ථානයට පත් වුණා.
විදෙස් තරඟ අත්දැකීම් ලැබීම ගැන මොකක්ද අදහස?
ඇත්තෙන්ම ගොඩක් හොඳයි, එවැනි අත්දැකීම් ලබාගන්න තියෙනවා නම්. ඒත් ඒ සඳහා වියදම දරන එක තමයි අපහසු, මම සහභාගි වුණු එක් තරඟාවලියක් හැර අනෙක් සියල්ලටම ගුවන් ප්රතවේශ පත්ර පවා ලබා ගත්තේ පෞද්ගලික වියදමින්. ඒ නිසා හරිම අසීරැයි විදෙස් තරඟාවලියකට සහභාගි වෙන්න.
ලංකාවේ පුහුණුකරැවන් පිළිබඳව ඔබේ අදහස?
මගේ අදහස නම් විදෙස් පුහුණුකරැවන් අවශ්යය වන්නේ නැහැ. ලංකාවේ සිටින පුහුණුකරැවන්ගෙන් හොඳ සේවයක් ලබාගන්න පුළුවන්. ඔවුන්ට හොඳ ඇගයීමක් ලබාදී ඔවුන්ට සරිලන වේතනයක් ලබාදී ඔවුන් නියමිත ලෙස පුහුණු කරගත්තා නම් අපට ගොඩාක් හොඳ අවස්ථා ලැබේවි. විශේෂයෙන් ශාරීරික යෝග්යතතාවන් පිළිබඳව අවබෝධය ලබාදිය හැකි පුහුණුකරැවන් පිරිසකුත් අවශ්යතයි තාක්ෂණික දැනුම වගේම.
ඇයි ඔබ නැවත තරඟ බිමට නොඑන්නේ?
මම නොඑනවා නොවෙයි. වළලුකරේ ආබාධයකට ලක් වීම නිසා තමයි ටික කලකට තරඟ බිමෙන් ඉවත්ව සිආටියේ. එහෙත් මම දැනට පුහුණුවීම් කටයුතු වල නිරතව සිටිනවා. හොඳ යෝග්යකතාවකට ආපුගමන්ම නැවත තරඟ පිටියට එකතු වෙන්න තමයි බලාපොරොත්තුව.
ඔබේ විශ්වාසයක් තියෙනවද ඔබ නැවත ජාතික ශූරිය වෙයි කියලා?
ඔව්. මම හිතනවා මේ දවස්වල හොඳට පුහුණුවීම් කටයුතුවල නිරතවෙලා නැවත ජාතික ශූරිය බවට පත්වෙන්න මට අවස්ථාව තියෙනවා කියලා.
ඔබ භාවිතා කරන උසස් ප්ර්මිතියේ ක්රීතඩා උපකරණ මොනවාද?
එහෙමම කියලා නැහැ. උසකිදබ වර්ගයේ රැකට් එකක් භාවිතා කරන්නේ. පාවහන් යුගල විවිධ අවස්ථා වල විවිධ වර්ගයෙන්. එහෙම විශේෂයක් නැහැ.
ඔබ පාසල් අවධියේ වෙනත් ක්රිලයාකාරකම් වල නිරත වූවාද?
මම තමයි අප පාසලේ ක්රීිඩා නායිකාව විදියටත් කටයුතු කළේ. ඒ වගේම කවපෙත්ත, හෙල්ල, යගුලිය වැනි පිටිය ඉසව්වලටත් දායක වූවා. සින්දු කියන්නත් පුළුවන්.
අනාගතයේ මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ?
මම වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වුණා. දැන් විශ්ව විද්යා ලයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඉදිරියටත්. ස්කොෂ් ක්රී්ඩාවේ දිගටම නිරත වෙලා රටට කීර්තියක් ලබාදෙන්නයි බලාපොරොත්තුව.
ඔබ අනුගමනය කරන ක්රීෂඩිකාවක්/ක්රීතඩකයෙක් ඉන්නවාද?
දැනට ලෝක ශූරිය බවට පත්ව සිටින්නේ මැලේසියාවේ නිකොල් ෙඩ්විඩ්. එයාගේ ක්රීූඩා රටාවට මම ගොඩාක් ආසයි. එයා තමයි මම කැමතිම ක්රී්ඩිකාව.
අවසන් වශයෙව් ස්තූති කරන්න ඕන කාටද?
මගේ අම්මා, තාත්තා, සහෝදරයා වගේම පුහුණුකරැවන් ලෙස කටයුතු කළ ජනක සුවාරිස්, වී. එස්. චන්දන, ආර්. එස්. ඩීන් යන මහත්වරැන් වගේම සිරිමාවෝ බාලිකා විදුහලේ විදුහල්පතිනිය චාන්දනී රත්නායක මිස් ඇතුළුව සියලුම ආචාර්ය මණ්ඩලයත් මට ගොඩාක් උපකාර කළා මේ තත්වයට පැමිණෙන්න. ඒ සියලුම දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕන.

Indoor


