ශ්‍රි ලංකා රග්බි විනිසුරැ සංගමයේ නව ලේකම්වරයා බවට පත්ව සිටිනුයේ ක්රීටඩා මාධ්යටවේදියෙකු වන මහේෂ් සේනානායකයි. මහනුවර කිංස්වුඩ් විදුහලෙන් අධ්යා්පනය හදාරද්දී ඒ විදුහලේ හදාරද්දී ඒ විදුහලේ රග්බි නායකයා ලෙස ක්රීිඩාවට පිවිස යුද හමුදා හා හැව්ලොක්ස් කණ්ඩායම් නියෝජනය කළ වර්තමානයේ රග්බි විනිසුරැවරයෙකු වශයෙන්ච කටයුතු කරයි.
නව තනතුර ඔබ ලබාගත්තේ කුමක් අරබයාද?
මම පාසල් අවධියේ සිටම රග්බි ක්රීාඩාව සමඟින් බැඳී සිටි කෙනෙකු -ක්රීාඩකයෙකු/මාධ්යරවේදියෙකු වගේම විනිසුරැවරයෙකු ලෙසත් මම කටයුතු කරලා තියෙනවා. මම හිතනවා මගෙන් තව විශාල සේවයක් රග්බි ක්රීේඩාවට සලසන්න ඕන කියලා. ඒ අනුවයි, මම මේ තනතුරට ඉදිරිපත් වුණේ.
මොනවාද ඒ සඳහා ඔබගේ ඉදිරි වැඩසටහන්?
මම තවම මේ තනතුරට පත් වූවා පමණයි. මගේ අදහස නම් කිසියම් දෙයක් සාර්ථක වීමට නම් ඒ සඳහා සියලු දෙනාගේ ඒකරාශි වීම අත්යා වශ්යි කාරණාවක් බවයි. මගේ විශේෂ ව්යාමපෘති කිහිපයක් සැලසුම් කරගෙන තියෙනවා. ඒ පිළිබඳව නිලධාරී මණ්ඩලත් සමඟ සාකච්ඡා කර කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
රග්බි ක්‍රීඩාවේදී විනිසුරන්ගේ කාර්යය මොන අයුරින්ද සිදු වන්නේ?
මෙහිදී ප්ර්ධානතම සාධක තුන තමා ක්රීඅඩකයන්,පුහුණුකරැවන් හා විනිසුරැවන් තරඟයක් පැවැත්වීමේදී විනිසුරැවන්ගේ කාර්ය භාරය අතිමහත්. මොකද, ඔවුන්ුගේ නිරවද්යැභාවය මත තමා ක්රීමඩාවට ඇති ගෞරවය, උනන්දුව වගේම ක්රී ඩාශීලිභාවයත් වැඩිවන්නේ. මේ වන විට ලංකාව තුළ හොඳ මට්ටමේ, ඒ කියන්නේ ජාත්ය න්තර රග්බි පාපන්දු සම්මේලනය විසින් පිළිගනු ලබන ජාත්යීන්තර මට්ටමේ විනිසුරැවන් යම් කිසි ප්රගමාණයක් සිටිනවා. ලංකාවේ රග්බි ක්රීගඩාව මෙවැනි තත්වයට පැමිණීමට රටේ රග්බි විනිසුරැවරැන්ගෙනුත් විශාල වූ සේවයක් ඉටු වෙලා තියෙනවා. ඔවුන් ජාත්යින්තරයෙන් රැගෙන එන උපදෙස්, තාක්ෂණය වැනි දේවල් නිසා අප රටේ ක්රීාඩාවට ඉහළ මට්ටමකට පැමිණීමට හැකි වූවා.
ඔබ අදහස් කරන්නේ රටේ ක්‍රීඩාවේ වර්ධනයට විනිසුරැවන් විශාල මෙහෙයක් ඉටු කළා කියලාද?
අනිවාර්යයෙන්ම. ඒ පිළිබඳව කොතනකවත් සඳහන් නොවුවත් ඔවුන් අතින් සුවිශේෂී කාර්යයක් ඉටුවෙනව. සිදුවෙලා තියෙන්නේ ඒ පිළිබඳව නිසි අවධානයක් නොලැබීයාමයි.
පසුගිය කාලයේ විනිසුරන්ට චෝදනා එල්ල වූවා නේද?
චෝදනා එල්ල වෙන එක සාමාන්යෝ දෙයක්. නමුත් අප හැම විටම කටයුතු කරන්නේ හැකි තාක් නිවැරදි ලෙස කටයුතු කිරීමට. ක්රීඩා සමාජ/අන්තර් පාසල් තරඟ සඳහා විනිසුරැවන් ඉදිරිපත් කිරීමේදී හැකිතාක් දුරට ඒ සඳහා සුදුසුම අය තමා යොමු කරන්නේ. විවිධ අවස්ථාවලදි දෝෂාරෝපන එල්ල වී තිබෙනවා තමයි. මගේ අදහසක් තියෙනවා විනිසුරැවරැන්ට පුහුණුවක් ලබා දීමේ වැඩසටහනක් ක්රිායාත්මත කිරීමට. ඒ වගේම ඔවුන්ට නිසි ගෞරවයක් ලැබෙන වැඩපිළිවෙළක් ක්රි්යාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
රග්බි අනාගතය පිළිබඳව ඔබගේ අදහස?
ඇත්තෙන්ම ගොඩාක් සතුටු වෙන්න පුළුවන් රටේ රග්බි ක්රී්ඩාව තියෙන තැන දැක්කාම.මොකද, ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීම් වලදී අප ගොඩාක් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම තමයි, අන්තර් සමාජ/අන්තර් පාසල් තරඟාවලියත් ගොඩාක් තරඟකාරී මට්ටමකට ඇවිත් තියෙනවා. මට හිතෙනවා තව කිහිප වසරක් යන විට ජාත්යින්තර වශයෙන් අපට ගොඩාක් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබෙයි කියලා.



