You are here News

News

යලි ඔලිම්පික් යෑමට තිලිණි සුදානමින්

E-mail Print PDF
මෙවර ලංඩන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබිමේ අවසන් අවස්ථාව ලෙස චිනයේ පැවත්වෙන ආසියානු බැඩ්මින්ටන් තරගාවලිය සදහා පසුගියදා පිටත්ව යන ලදි

තිළිණිට චීනයේදී පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලබා ගනිමින් එහිදී තරගයක් ජය ලබා දස්කම් දැක්වුවහොත් ඇයට ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ ආසන්නතම අවස්ථාවට එළැඹිය හැකි යැයිද දැන ගන්නට ලැබේ.

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් අතරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින තිළිණි ලබා ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13,583 කි. ඔලිම්පික් පරිසාධක මට්ටමට ඒමට ඇයට තවත් ලකුණු 1200 ක් පමණ අවශ්‍යව තිබේ. තිළිණි, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලටද සහභාගිවුවාය.

ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ලෝක ශ්‍රේණිගත කිරීමේ 141 වැනි ස්ථානයේද, වත්මන් ජාතික ශූරි අචිනි රත්නසිරි එහි 155 වැනි ස්ථානයේ ද පසුවෙති. ආසියානු බැඞ්මින්ටන් (කේවළ) ශුරතාවලියට සහභාගිවීම සඳහා නිලූක කරුණාරත්න සමග තිළිණි ජයසිංහ මේ මස 16 වැනිදා චීනය බලා පිටත්ව යති.

ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මෙවර ආසියානු තරගාවලියට සහභාගිවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා ලෙස දස්කම් අතර සිටිමිනි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් 29 වැනි ස්ථානයේ පසුවන නිලූක ලන්ඩන් ඔලිම්පික් උළෙලට මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි.


පසද යාපා අබේවර්ධන අභියෝග පාපැදි තරගය 15 වෙනිදා

E-mail Print PDF

ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනම මෙහෙයවනු ලබන පසද යාපා අබේයවර්ධන කුසලාන පාපැදි තරගාවලිය මේ මස 15 වෙනිදා දික්වැල්ල නගරයෙන් ආරම්භවේ දකුණු පළාත් පදිංචිකරුවන්ට විවෘත මෙම තරගයේ ජයග්‍රාහකයන්ට විශාල ලෙස ත්‍යාග පිරිනැමීමට සුදානම් කර තිබෙන අතර මාතර වැලිගම තෙලිජ්ජවිල මොරවක අකුරැස්ස කොටපොල කබුරුපිතිය තිහගොඩ මුලටියන හරහා හක්මනින් තරගය අවසන් විමට කටයුතු සංවිධානය කර තිබේ.



දිල්හාන් කපිල සිල්වා මහතා යුගදිවියට පිවිසෙයි

E-mail Print PDF

හිටපු ප්‍රවීණ රග්බි ක්‍රීඩකයකු සහා වර්තමාන මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ කළමණාකරු වන දිල්හාන් කපිල සිල්වා මහතා පසුගිය දා යුගදිවියට පිවිසුණා. ඔහුගේ අතගත් මනාලිය වූයේ ලංකාවේ ප්‍රවීණ රුපලාවණ්‍ය ශිල්පිණියක වන සුභාෂිණී ප්‍රියන්කා මෙනවියයි.

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපණය ලැබූ කපිල සිල්වා මහතා, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියොජණය කල ක්‍රීඩකයෙකි.

මහනුවර ක්‍රීඩා සමාජය නියොජනය කර ඔහු, මහනුවර අන්තර් ලීග් රග්බි ශුරතාවය මහනුවරට ගෙන එන්න දායක විය.

ඔබ දෙපලගේ යුග දිවියට sport.lk අපගේ උණුසුම් සුබ පැතුම්.

Last Updated on Friday, 06 April 2012 13:09

තරංග සහා දිල්හාර එක්දින සංචිතයට

E-mail Print PDF

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 11 වැනිදින ආරම්භවීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායම නම් කර තිබෙනවා. තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වෙතයි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයින් කණ්ඩායමට එක් කර ඇති අතර ඊට අමතරව කෝසල කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, දිල්හාර ප‍්‍රනාන්දු, සික්කුගේ ප‍්‍රසන්න, දිමුත් කරුණාරත්න, සුරාජ් රන්දිව් යන ක‍්‍රීඩකයින් ද කණ්ඩායමට එක්කොට තිබෙනවා.


වසරක 5කින් පාකිස්ථානයටත් පරාදවේ

E-mail Print PDF

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම නැවත අසාර්ථකත්වයට පත්වෙමින් පාකිස්ථනය සමග පවත්වන ලද දෙවන ටෙස්ට් තරගය පරාජයට පත්වින. ඒ අනුව 2006 වසරට පසුව අප කණ්ඩායම පාකිස්ථාන‍ය හමුවේ ටෙස්ට් පරාජයක් ලැබුවේ මෙම තරගයේදි ය ඒ අනුව මෙම තරගාවලියේ 1-0 ලෙස පෙරමුණ ගැනීමට පාකිස්ථානය සමත්ව සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් යම්තාක්‌ දුරට සාර්ථක වීමට සමත්වූයේ තරංග පරණවිතාන (72) සහ ඇන්ජලෝ මැතිව්ස්‌(නොදැවී 52) පමණි. තම 09 වැනි අර්ධ ශතකය ලෙසින් වාර්තාවූ පරණවිතානගේ ඉනිම සඳහා පන්දු 239 කට මුහුණ දී තිබූ අතර එයට හතරේ පහර 4 ක්‌ පමණක්‌ ඇතුළත් වී තිබුණි.

ඉදිරි පෙළ අසාර්ථකවීම මත මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 166 කදී බිඳ වැටී තිබුණත්, ධම්මික ප්‍රසාද් (33) සහ රංගන හේරත් (15) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක්‌ එක්‌ කිරීමට සමත්වීම මත ලකුණු 200 කට අඩුවෙන් දැවී යැම සඳහා තිබූ අවදානමෙන් ශ්‍රී ලංකාවට මිදීමට හැකි විය.


Page 1 of 85

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »