ජාතික තරුණ සේවා සභාව,යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය සහ යෞවන සමාජ සම්මේලනය එක්ව මෙහෙයවන 23 වන යොවුන් ක්‍රීඩා උළෙල අග්‍රාමාත්‍ය දිමු ජයරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් 27 ද හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික එළමහන් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතය.යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අධයාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද මෙම සමාරම්භයට එක්වීමට නියමිත අතර මෙවර ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් පහක දැල්වීමේ වගකිම පැවරී ඇත්තේ ඉකුත් වසරේ අවුරුදු 20 න් පහළ සහ 20 න් ඉහළ වයස් ඛාණ්ඩ වල දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.
මෙම සමාරම්භක උළෙල විචිත්‍රවත් කිරීම සදහා තරුණ තරුණියන් 1900 ක් පමණ සහභාගි වන සරඹ සංදර්ශනයක් ඇතුළත් කර ඇත. ප්‍රදේශයේ පාසල් පහක සහ ශ්‍රී ලංකා පොලීසිය සහ යුධ හමුදාව නියෝජනය කරන තූර්ය වාදන කණ්ඩායම් ද මෙම උළෙලේ සමාරම්භය හැඩ කිරීමට එක්වෙති.ජාතික වාර්තාවකට මෝටර් රථයක් පිරිනමන බව ප්‍රකාශ වී ඇතත් ජාතික ක්‍රීඩා උළෙලේ ඉසව්වක් ජය ගත් අයෙකුට මෙම ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වට ඉදිරිපත් වීමට නොදෙන තත්ත්වයක් තුළ එම මෝටර් රථය දිනා ගැනීමට කිසිවෙකුට හෝ හැකි වෙනු ඇතැයි සිතීම අපහසු ය.නමුත් පළමු ස්ථානය නොලැබුවේ වුව ද දැනට ඉදිරියෙන් සිටින සහ මෙම උළෙලේ දී තම උපරිමය දැක්විය හැකි ඉසව්වක් අහිමිව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් ඉසව්වක් තුළ දී පිළිගත් ප්‍රමාණයක් ඇතුළත් කරන්නේ නම් (ජාතික මට්ටමේ දත්ත සළකා) එය මෝටර් රථය පිරිනැමීමට සිමා නොවුණු උළෙලේ තත්ත්වය ඉහළ දැමිය හැකි හේතුවක් වනු ඇත.


