ක්‍රිකට ක්‍රිඩාවේ යම් යම් නිති කිහිපයක් ඔක්තෝබර් මස 1 දින සිට අලුත්වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ යෝජනා වලට අනුව එහි විධායක කමිටුව විසින් මෙම සංශෝධන සඳහා අනුමැතිය ලැබී ඇත. නව පන්දු දෙකක් භාවිතා කිරීමට අමතරව පවර් ප්ලේ අවස්‌ථාවේ වෙනස්‌කම් ද සිදුව තිබේ. ඒ අනුව ඉනිමකට පවර් ප්ලේ පන්දු වාර 20 ක් එලෙසින්ම අයත්වන නමුත් එහි පළමු පන්දුවාර 10 ඉනිම ඇරඹුමේදී ගත යුතුය. වරකට පන්දුවාර 5 බැගින් වන ඉතිරි පවර් ප්ලේ අවස්‌ථා දෙක 16 වැනි පන්දු වාරයට පසුව සහ 40 වැනි පන්දු වාරටය පෙර ගත යුතුය. නව නීති වලට අනුව ටෙස්‌ට්, එක්‌දින හෝ පන්දුවාර 20 තරගවලදී ආබාධවලට ලක්‌වන පිතිකරු වෙනුවෙන් සහය ධාවකයෙක් ගෙන්විය නොහැක. එවැනි විටක පිතිකරුවාට ඇති විකල්පය වන්නේ පිටියෙන් ඉවත්ව, 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසීමය.



