You are here News Cricket වසරක 5කින් පාකිස්ථානයටත් පරාදවේ

වසරක 5කින් පාකිස්ථානයටත් පරාදවේ

E-mail Print PDF

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම නැවත අසාර්ථකත්වයට පත්වෙමින් පාකිස්ථනය සමග පවත්වන ලද දෙවන ටෙස්ට් තරගය පරාජයට පත්වින. ඒ අනුව 2006 වසරට පසුව අප කණ්ඩායම පාකිස්ථාන‍ය හමුවේ ටෙස්ට් පරාජයක් ලැබුවේ මෙම තරගයේදි ය ඒ අනුව මෙම තරගාවලියේ 1-0 ලෙස පෙරමුණ ගැනීමට පාකිස්ථානය සමත්ව සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් යම්තාක්‌ දුරට සාර්ථක වීමට සමත්වූයේ තරංග පරණවිතාන (72) සහ ඇන්ජලෝ මැතිව්ස්‌(නොදැවී 52) පමණි. තම 09 වැනි අර්ධ ශතකය ලෙසින් වාර්තාවූ පරණවිතානගේ ඉනිම සඳහා පන්දු 239 කට මුහුණ දී තිබූ අතර එයට හතරේ පහර 4 ක්‌ පමණක්‌ ඇතුළත් වී තිබුණි.

ඉදිරි පෙළ අසාර්ථකවීම මත මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 166 කදී බිඳ වැටී තිබුණත්, ධම්මික ප්‍රසාද් (33) සහ රංගන හේරත් (15) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක්‌ එක්‌ කිරීමට සමත්වීම මත ලකුණු 200 කට අඩුවෙන් දැවී යැම සඳහා තිබූ අවදානමෙන් ශ්‍රී ලංකාවට මිදීමට හැකි විය.


Add comment


Security code
Refresh