ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 11 වැනිදින ආරම්භවීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායම නම් කර තිබෙනවා. තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වෙතයි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයින් කණ්ඩායමට එක් කර ඇති අතර ඊට අමතරව කෝසල කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, දිල්හාර ප‍්‍රනාන්දු, සික්කුගේ ප‍්‍රසන්න, දිමුත් කරුණාරත්න, සුරාජ් රන්දිව් යන ක‍්‍රීඩකයින් ද කණ්ඩායමට එක්කොට තිබෙනවා.



