ඉයේ හවස මහින්ද මාමාගේ ආරාධනාව නිසාම අපි මාමා බලන්න ගියෙමු මහසෝන් මාමා කෙටි පණිවුඩයක් ඒවමින් ද අපගේ පැමිනීම බලා පොරොත්තුවන බව පවසා තිබින. අපේ කට්ටිය මගුල් ගෙදරක යනවා වගේ මාමා බලන්න යන්න ඇවිත් තිබින මැච් එකක් බලන්න අවේ නැති තරම් මාධ්‍ය කට්ටියක් මේ ගමනට පැමිණ තිබුනේ මාමා ගෙන් මාධ්‍ය කරුවන්ට ලැබෙන සහයෝගය නිසාම වෙන්ට පුලුවන, නැතිනම් පොටෝ එකක් හෝ අරගන්න වාසනාව ලැබෙන නිසාය. සමහර අපේ පොත් ලියපු ඈයෝ ද පොත් අරගෙන අවේ මාමාට දෙන්න පොත් අරගෙන පැමින සිටියහ, නමුත් මෙයාලා එන්නේ පොත දෙනගමන් පොතක් පෙරලන්ට බව මහින්ද මාමාට තේරුන බව ඔහුගේ හිනාවෙන්ම පසක් වින. ඔබරෝයි අයියා ආපු නිසා ගොඩාක් අය එයාට ද පොටෝජෙනික් සීන් එකට එන්න ආරාධනා කලාය.
බෝඩ් එකට ආස කරන බුකී එකේ මාමා ඇවිත් පැත්තකට වෙලා හිටියාය. ඔබරෝයි අයියා අරාට කරදර කරනු දක්නට ලැබින පස්සේ දැනගන්ට ලැබුනේ ෆෙරාරි එකේ රවුමක් එක්කන් යන්න කියා ඔහු අරාට කරදර කල බවයි. අපේ මාමා දකුණේ මිනිහා නිසා කොහොමත් ආගන්තුක සත්කාරයට දස්සයා ආපු අයට හොදට කන්න බොන්න දුන්නාය මතට තිත නිසා මම කසකසා සරුවත් එකක් බිව්වේ කරුණාසේන ජයලත්ව සිහිපත් කරමිනි. එලෙස අරලිය ගස් අතරින් ඇවිදයනවිට නාමල් පිපි තිබුන අතර නා පොහොට්ටුව සංසාරේ පියසටහන් ද කැටුවවිත් තිබින, ඒ මදිවට හපුතලේ ලොකු හාදයා මින්නල් සමග ඇවිදිනවා අන්නාසි මාමා දුකෙන් බලා සිටියේ මක්නිසාදැයි සිතාගත නොහැකිවින.
මහින්ද මාමා හැමදෙනා සමගම සාමිචියේ යෙදි සිටියදි අයි සී සී මාමාලා මොනවා කියන්න ඇතිදැයි මම තවම කල්පනා කලෙමි, සමහරවිට ටිකට ප්‍රශ්නයක්වත් ඒ දොයි මාමා සහ බෑනලා දෙන්නා බයෙන් ඉන්නට ඇතිය නැතිනම් සර් අපි නියමෙට වැඩේ කොරා යයි කියන්ට ඇත. ගිය හැම දෙනාම සිතුවේ මහින්ද මාමා අපි හැමටම ටිකට් එක ගානේ දේවි යැයි කියා ය ඒත් ඒ බලාපොරොත්තු සුන් කරගෙන සියලු දෙනාට ආපසු යන්නත සිදුවූයේ ටිකට් බලාපොරොත්තු රහිතවය. පසුව දැන ගන්ට ලැබුනේ මහින්ද මාමාත් ගියේ අප්සැට් එකෙන් බවයි, මාමා පාර්ටි එක දීලා තියෙනේ පාර්ටි එකක් දීලා ටිකට් හොයා ගන්න බලාගෙනය අන්තිමේ දී මාමාට ටිකත් නැත, අපිටත් ටිකට් නැත.

Gossip

