You are here News Indoor

Indoor

යලි ඔලිම්පික් යෑමට තිලිණි සුදානමින්

E-mail Print PDF
මෙවර ලංඩන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබිමේ අවසන් අවස්ථාව ලෙස චිනයේ පැවත්වෙන ආසියානු බැඩ්මින්ටන් තරගාවලිය සදහා පසුගියදා පිටත්ව යන ලදි

තිළිණිට චීනයේදී පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලබා ගනිමින් එහිදී තරගයක් ජය ලබා දස්කම් දැක්වුවහොත් ඇයට ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ ආසන්නතම අවස්ථාවට එළැඹිය හැකි යැයිද දැන ගන්නට ලැබේ.

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් අතරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින තිළිණි ලබා ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13,583 කි. ඔලිම්පික් පරිසාධක මට්ටමට ඒමට ඇයට තවත් ලකුණු 1200 ක් පමණ අවශ්‍යව තිබේ. තිළිණි, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලටද සහභාගිවුවාය.

ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ලෝක ශ්‍රේණිගත කිරීමේ 141 වැනි ස්ථානයේද, වත්මන් ජාතික ශූරි අචිනි රත්නසිරි එහි 155 වැනි ස්ථානයේ ද පසුවෙති. ආසියානු බැඞ්මින්ටන් (කේවළ) ශුරතාවලියට සහභාගිවීම සඳහා නිලූක කරුණාරත්න සමග තිළිණි ජයසිංහ මේ මස 16 වැනිදා චීනය බලා පිටත්ව යති.

ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මෙවර ආසියානු තරගාවලියට සහභාගිවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා ලෙස දස්කම් අතර සිටිමිනි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් 29 වැනි ස්ථානයේ පසුවන නිලූක ලන්ඩන් ඔලිම්පික් උළෙලට මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි.


සචිනිට තවත් චෙස් ජයක්

E-mail Print PDF

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තුන්වැනි වරටත් සංවිධානය කළ ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලියේදී ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ විවෘත කාන්තා ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ දමිත් කරුණාරත්න සමත්විය.

මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සචිනි අන්තර්ජාතික චෙස් ප‍්‍රවීණතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව ද වන්නීය. පිරිමි හා කාන්තා විවෘත ඉසව් දෙකට අමතරව වයස 15 න් පහළ සහ 11 න් පහළ (බාලක/බාලිකා) ඉසව්වලින් ද සමන්විත මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී ඊයේ (26) පැවැත්විණ.

ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 300 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරගාවලියේ විශේෂත්වය වුයේ තරගයක් විනාඩි 10 කට සීමාවීමයි. ස්විස් ක‍්‍රමයෙන් තරග වට හතකින් තරගාවලිය සමන්විත විය.

දමිත් තරග වට හත අවසානයේදී ලකුණු 7.0 ක් ලබා ශූරතාව හිමි කර ගත්තේය. සී.එම්. රාජපක්‍ෂ සහ එස්. එස්. පීරිස් පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලැබුහ.

කාන්තා විවෘත ඉසව්වේදී සචිනි ලකුණු 5.0 ක් ලබාගත් අතර එම්.පී. මහේෂිකා ලකුණු 4.0 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තාය. සමන්ති වෙත්තසිංහට (ලකුණු 3.5) තෙවැනි ස්ථානය හිමිවිය.

තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් ද, වයස් වයස් කාණ්ඩවල ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ.

ත්‍යාග ප‍්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති උපාලි ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

 


සුදේශ් බර උසුලා ජයගනි

E-mail Print PDF

දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග‍්‍රෑම් 69 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක සුදේෂ් පීරිස් සමත්විය. ඒ අනුව තරගාවලියේ දින තුනක් අවසානයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටිති.

සුදේෂ් තරගයේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 125 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 155 ක් සහ එකතුව කිලෝග‍්‍රෑම් 280 ක් ඔසවමින් රන් පදක්කම දිනා ගත්තේය. මෙම බර පංතියේ රිදී පදක්කම ඉන්දීය ක‍්‍රීඩකයකු දිනාගත් අතර වේල්ස් කී‍්‍රඩකයකුට ලෝකඩ පදක්කම හිමිවිය.

රන් පදක්කම් ලාභී සුදේෂ් පීරිස් පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති 19 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී බර ඉසිලීමේ ලෝකඩ පදක්කමක් දිනාගත් කී‍්‍රඩකයාය.


සචිනිට මහින්දානන්ද පිහිටවේ

E-mail Print PDF

ජාතික චෙස් ශුරිය වන සචිනි රණසිංහට විදේශිය පුහුණු කරුවකුගේ සහය ලබා ගැනීමට ක්‍රිඩා අමාත්‍යංශයේ අනුග්‍රහය ලබා දි ඇතයි වාර්ථා වේ මාස 6ක කාල සිමාවක් සදහා මෙලෙස ක්‍රිඩා අමාත්‍යංශ අනුග්‍රහය ඇයට ලබා දි තිබේ.


නිස්මාගෙන් බොක්ෂිං පොතක්

E-mail Print PDF

ක්‍රිඩා මාධ්‍යවේදියකු වන නිශ්මං රනසිංහ රන් කදුළු නමින් ග්‍රන්ථයක් එලි දක්වා තිබින. මංජු වන්නිආරච්චි නම්වු බොක්ෂින් ක්‍රිඩකයාගේ චරිතය ඇසුරින් ඔහුගේ මෙම කෘතිය සකස්කර තිබින.


Last Updated on Tuesday, 20 September 2011 22:15

Page 1 of 7

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  Next 
  •  End 
  • »