පසුගියදා අවසන්වු ජාතික වුෂු ශූරතා තරගාවලියේදි ඉසව් 4ක් සදහා රන් පදක්කම් ලබා ගනිමින් සමස්ත ජාතික ශූරයා බවට පත්විමට ශ්‍රි ලංකා යුධ හමුදාව නියෝජනය කරන ප්‍රභාත් මනුරංග සමත්වින. නුවර එලිය සීතා එලිය ප්‍රදේශයේ පදිංචිකරුවකුවන මනුරංග නුවර එලිය ගාමිණී විදුහලේ ආදි ශිෂයෙකි මීට පෙරද ජාතික ශුරතාවයට හිමිකම් කි ඔහු සාෆ් පදක්කම් ලාභියෙකි නැන්චුවාන්, නෑන් ගුන්, නෑන් දෝ,සහ පූ දෝ යන ඉසව් 4 සදහාම රන් පදක්කම් හිමිකරගනිමින් මෙවර තරගාවලියේදි ලංකාවේ වැඩිම ලකුණු ලබාගනිමින් වාර්ථාවක් පිහිටුවීමට ද ඔහු සමත්ව තිබේ.




Comments
RSS feed for comments to this post