You are here News Indoor සචිනිට තවත් චෙස් ජයක්

සචිනිට තවත් චෙස් ජයක්

E-mail Print PDF

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තුන්වැනි වරටත් සංවිධානය කළ ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලියේදී ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ විවෘත කාන්තා ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ දමිත් කරුණාරත්න සමත්විය.

මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සචිනි අන්තර්ජාතික චෙස් ප‍්‍රවීණතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව ද වන්නීය. පිරිමි හා කාන්තා විවෘත ඉසව් දෙකට අමතරව වයස 15 න් පහළ සහ 11 න් පහළ (බාලක/බාලිකා) ඉසව්වලින් ද සමන්විත මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී ඊයේ (26) පැවැත්විණ.

ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 300 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරගාවලියේ විශේෂත්වය වුයේ තරගයක් විනාඩි 10 කට සීමාවීමයි. ස්විස් ක‍්‍රමයෙන් තරග වට හතකින් තරගාවලිය සමන්විත විය.

දමිත් තරග වට හත අවසානයේදී ලකුණු 7.0 ක් ලබා ශූරතාව හිමි කර ගත්තේය. සී.එම්. රාජපක්‍ෂ සහ එස්. එස්. පීරිස් පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලැබුහ.

කාන්තා විවෘත ඉසව්වේදී සචිනි ලකුණු 5.0 ක් ලබාගත් අතර එම්.පී. මහේෂිකා ලකුණු 4.0 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තාය. සමන්ති වෙත්තසිංහට (ලකුණු 3.5) තෙවැනි ස්ථානය හිමිවිය.

තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් ද, වයස් වයස් කාණ්ඩවල ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ.

ත්‍යාග ප‍්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති උපාලි ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

 


Add comment


Security code
Refresh