You are here News Tennis

Tennis

නඩාල් පරදවමින් විම්බල්ඩන් කිරුළ ඩිජොවික්ට

E-mail Print PDF

ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරිම අනුව අංක එක ස්ථානය ලබා සිටි ඩිජොවික් තමන් අංක 1 බවට ලොවට විදහා දක්වමින් රෆායල් නඩාල් පරාජයට පත්කරමින් මෙවර විම්බල්ඩන් ශුරතාවය දිනා ගැනීමට සමත්විය, මෙය සර්බියානු ජාතික ඩිජොවික්ගේ පළමු විම්බල්ඩන් කිරුළ සේම විම්බල්ඩන් කිරුලක් ලැබු පළමු සර්බියානුවා බවටද ඔහු පත්වින.

මෙය ඩිජොවික්ගේ තෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය සේම මෙම වසර තුලදි ඔහු සහභාගිවු තරග 51න් ලැබු 50 වෙනි ජයග්‍රහණයයි ඒ අනුව මෙම වසර තුලදි මොහු විසින් 5 වරක් නඩාල් පරාජයකිරිමට සමත්ව තිබේ.


විම්බල්ඩන් කිරුළ මාරියා ෂරපෝවගෙන් ගිලිහේ

E-mail Print PDF

මෙවර විම්බල්ඩන් කුසලාන ටෙනිස් තරගාවලියේදී පෙරලියක් සිදුකරමින්  හිටපු ප්‍රභල ක්‍රිඩිකාවක වන මාරියා ෂරපෝවා පරාජයට පත්කරමින් මෙවර ශුරතාවය දිනා ගනු ලැබුයේ චෙක් ජනරජය නියොජනය කරමින් තරග වැදුනු 21 හැවිරිදි පෙට්‍රා ක්විටෝවා විසිනි මෙය වර්ෂ 1998 වසරේ චෙක් රාජ‍ය නියෝජනය කල ජානා නොවට්නා ගෙන් පසුව චෙක් රාජ්‍ය සදහා විම්බල්ඩන් කිරුළ රැගෙන යන පළමු අවස්ථාවයි.


ෆෙඩරර් පරදවමින් සොන්ගා ඉදිරියට

E-mail Print PDF

විම්බල්ඩන් කුසලාන ටෙනිස් තරගාවලියේ පෙරලියක් සිදු කරමින් ප්‍රභල රොජර් ෆෙඩරර් පරාජයට පත්කරමින් ඉදිරියට පැමිනිමට විල්ෆ්‍රිඩ් සොන්ගා සමත්වින. ඒ අනුව ෆෙඩරර්ගේ 7 වෙනි විම්බල්ඩන් කිරුල සදහා තිබු අවස්ථාව මග හැරියන අතර, විල්ෆ්‍රිඩ් සොන්ගා සිය පලමු විම්බල්ඩන් අවසන් පුර්ව තරගයට නොවැක් ඩිජොවික් සමගින් තරගවැදිමට නියමිතය.


ඩේවිස් කුසලාන දෙවනි කොටසට ශ්‍රි ලංකාව සුදුසුකම් ලබයි

E-mail Print PDF

ඩේවිස් කුසලාන ටෙනිස් තරග මාලාවේ දෙවනි කොටසට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම පසුගියදා සමත්වින, මැලේසියානු කණ්ඩායම වට 2-1 ලෙස පරාජයට පත්කරමින් ආසියා ශාන්තිකර කළාපීය දෙවනි වටයට පිවිසීමට ශ්‍රි ලංකා ටෙනිස් කණ්ඩායමට හැකිවින.


Last Updated on Monday, 20 June 2011 10:05

ඩේවිස් කුසලානයේදි මාධ්‍යවේදින්ට අවහිර

E-mail Print PDF

මේ දිනවල කොළඹදි පැවත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගමාලාවේ මාධ්‍ය ආවරණය සදහා එක්වු ද අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදි රීමස් මහතා හට ශ්‍රි ලංකා ටෙනිස් සංගමයේ නිලදාරින්ගෙන් යම යම් අවහිරාවලට මුහුණපෑමට සිදුව ඇතයි වාර්ථා වේ. ජාත්‍යන්තර තරගාවලියක මාධ්‍ය ආවරනයට එක්වන මාධ්‍යවේදින්ට මෙම ආකාරයට ප්‍රතිචාර දැක්විමට එරහිව ක්‍රිඩා මාධ්‍යවේදින් යම ක්‍රියාමාර්ගයක් සදහා එලෙබනු ඇතයි වාර්ථා වේ.


Page 1 of 6

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  Next 
  •  End 
  • »